CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ තාත්තව අසාධාරණ විදියට බිල්ලට ගත්තු දූෂිත බැංකුවෙන් පලිගන්න සගීර් කියන්නේ පිස්සු හැදෙන මැජික් සහ ඇක්රොබැටික්ස් සෙල්ලම් දන්න පට්ටම වැඩකාරයෙක්. චිකාගෝ නගරයේ තියෙන මේ බැංකුවේ සල්ලි සතේටම සුරොප්පු කරලා එක පිට එක මංකොල්ලකන්න සගීර් පටන් ගන්නේ මුළු පොලිසියම හොල්මන් කරවමින්. බැංකුව ඇතුලෙන් සල්ලි අරන්, ගොඩනැගිලි දිගේ පල්ලම් බැහැලා, සුපිරි බයික් ස්ටන්ට් දාලා පැනලා යන මේ හීනෙන්වත් හිතන්න බැරි හොරා අල්ලගන්න බැරුව අන්තිමේදී ඇමරිකන් පොලිසියටත් තරු පේනවා.
මෙහෙම බැරිම තැන තමා මේ දරුණු ගේම්කාරයාව කොටු කරගන්න ඉන්දියාවෙන් ජෙයි ඩික්සිත් එක්ක අලිව ගෙන්නන්නේ. හැබැයි ජෙයි හිතනවාටත් වඩා සගීර් කියන්නේ හිතාගන්නවත් බැරි තරම් ඊළඟ පියවරවල් ප්ලෑන් කරන කෙනෙක්. සගීර්ගේ ළඟ තියෙන ලොකුම රහස ජෙයි සොයාගන්න හදද්දී මුළු කතාවම උඩුයටිකුරු වෙනවා. ජෙයිට පුළුවන් වෙයිද මේ පට්ටම මංකොල්ලකාරයාව නීතියේ රැහැනට කොටු කරගන්න? නැත්නම් සගීර් තමන්ගේ පලිය අරන් ගේම් එක දිනයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.







