CineVibes
Initializing Experience...
Initializing Experience...



Bird Island කියන්නේ කවුරුත් සතුටින්, සාමයෙන් ජීවත් වෙන ලස්සන දූපතක්. හැබැයි Red කියන්නේ පොඩි දේකටත් තරහා යන, අනිත් birdsලාගෙන් ටිකක් ඈත් වෙලා ඉන්න ඩයල් එකක්. තමන්ගේ තරහා පාලනය කරගන්න බැරි නිසා anger management class එකකට යන්න සිද්ධ වෙන Redට එතනදී hyperactive Chuckයි, තරහා ගියාම පුපුරලා යන Bombයි හම්බවෙනවා. මේ තුන්දෙනා ටිකෙන් ටික යාළුවෝ වෙද්දීම Bird Island එකට අමුතු green pigsලා පිරිසක් ඇවිල්ලා, හැමෝගෙම හිත දිනාගන්න පටන් ගන්නවා. මුලින් බැලුවම මේක සාමකාමී අමුත්තන්ගේ පැමිණීමක් වගේ පේනවා. හැබැයි Redට නම් මේ pigsලා ගැන මුල ඉඳන්ම පොඩි සැකයක් තියෙනවා.
අනිත් birdsලා මේ අමුත්තන්ව සතුටින් පිළිගනිද්දී, Redට තමන්ගේ සැකය ඇත්තක්ද කියලා හොයාගන්න Chuckයි Bombයි එක්ක එකතු වෙලා මේ pigsලාගේ ඇත්තම අරමුණ හොයන්න සිද්ධ වෙනවා. ඒ අතරේ මේ තුන්දෙනාට තමන් කවදාවත් හිතපු නැති විදිහේ ලොකු ගේමකට මැදිවෙන්නත් වෙනවා. ඉතින් හැමෝම නොසලකා හරින Redට තමන්ගේ සැකය ඇත්ත කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙයිද මචංලා?
මේ mysterious pigsලා ඇත්තටම Bird Island එකට ආවේ මොකටද, එයාලගේ plan එක මොකක්ද කියලා දැනගන්න නම් මේ පිස්සු birdsලාගේ ගේම බලන්නම වෙනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















