CineVibes
Initializing Experience...
Initializing Experience...



Bird Island එකයි Piggy Island එකයි අතරේ තිබ්බ පරණ තරහ තාමත් ඉවර වෙලා නෑ. Red, Chuck, Bombලා එක පැත්තකින්, Leonard ඇතුළු pigsලා අනිත් පැත්තෙන් prank war එකක් කරගෙන ආතල් එකේ ඉන්න අතරේ එකපාරටම දෙපැත්තටම අමුතුම ice balls වැටෙන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය කරදරයක් නෙමෙයි කියලා තේරෙද්දී, Eagle Island කියන තුන්වෙනි දූපතකින් එන අලුත්ම තර්ජනයක් ගැන දැනගන්න ලැබෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ මේ තර්ජනය නවත්තන්න නම් මෙච්චර කල් එකිනෙකාට ගේම දීපු birdsලාටයි pigsලාටයි එකට වැඩ කරන්න සිද්ධ වෙන එකයි.
ඉතින් Redටයි Leonardටයි තමන්ගේ පරණ තරහ පැත්තක දාලා Chuck, Bomb, Silver ඇතුළු සෙට් එකත් එක්ක අමුතුම team එකක් හදාගෙන Eagle Island එකට යන්න වෙනවා. මුලින් එකිනෙකා විශ්වාස කරන්නවත් බැරි මේ birdsලායි pigsලායි එකට එකතු වෙලා mission එක කරගෙන යද්දී, ගමන පුරාම එක එක පිස්සු වැඩ සහ නොහිතපු කරදරවලට මැදිවෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙච්චර කාලයක් සතුරෝ වෙලා හිටපු මේ දෙපැත්තට එකට වැඩ කරලා Bird Island එකයි Piggy Island එකයි බේරගන්න පුළුවන් වෙයිද මචංලා? නැත්නම් පරණ තරහ නිසාම මේ අමුතු team එකේ mission එකත් නාගනීද කියලා බලන්නම වෙනවා.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















