CineVibes
Initializing Experience...
Initializing Experience...



හෙලිකොප්ටරයෙන් වැටිලත් අමාරුවෙන් බේරුණු චෙව් චෙලියෝස්ව චීන මාෆියා කල්ලියක් පැහැරගෙන ගිහින් එයාගේ හදවත ගලවලා අරන් යනවා! ඒ වෙනුවට උන් එයාගේ ඇඟට හයි කරන්නේ බැටරියකින් දුවන කෘත්රිම හදවතක්. මේ බැටරිය බැහැලා චෙව් මැරෙන්න කලින් එයාට දිගටම ඇඟට ලොකු කරන්ට් ෂොක් එකක් දීගෙනම ඉන්න වෙනවා.
තමන්ගේ ඇත්ත හදවත ආපහු හොයාගන්න යන මේ පිස්සු ගමනේදී කාර් බැටරි, ටේසර්, විදුලි කණු විතරක් නෙවෙයි හම්බවෙන හැමදේකින්ම ඇඟට කරන්ට් එක දාගෙන මුළු නගරයම ගිනි තියන්න තමයි චෙව් ලෑස්ති වෙන්නේ. මචංලා මේක නම් ඇඩ්රිනලින් උපරිමයටම යන පට්ටම ඇක්ෂන් පාරක්. ඉතින් බැටරියේ චාජ් ඉවර වෙන්න කලින් චෙව්ට එයාගේ ඇත්ත හදවත හොයාගෙන ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















