CineVibes
Initializing Experience...
Initializing Experience...



උදේ ඇහැරෙද්දිම තමන්ගේ ඇඟට මාරාන්තික වසක් දීලා තව එක පැයකින් මැරෙන්න යනවා කියලා දැනගන්න ලැබුණොත් මොනවා හිතෙයිද? චෙව් චෙලියෝස් කියන පට්ටම ගේම්කාර හිට්මෑන්ට වෙන්නෙත් අන්න ඒ වගේ පිස්සු හැදෙන වැඩක්! හැබැයි මේ වසෙන් බේරිලා ලේ ගමන නතර නොවී තියාගන්න නම් එයාගේ ඇඟේ ඇඩ්රිනලින් ලෙවල් එක දිගටම අන්තිම උපරිමෙටම තියාගන්න ඕන. ඇඟේ ඇඩ්රිනලින් බැස්සොත් චෙව් එතනම ඉවරයි!
දැන් ඉතින් පණ බේරගන්න ඕන නම් මිනිහට කරන්න වෙන්නේ ඇඟේ ලේ රත් වෙන විදියේ පට්ටම පිස්සු වැඩ. පාරවල් මැද කොල්ලෝ එක්ක ගහගන්නවා, හෙලිකොප්ටර් වල එල්ලෙනවා, බයික් පිස්සු පදිනවා, එක එක විකාර වැඩ කර කර ඇඩ්රිනලින් පම්ප් කරගන්නවා. මේ සේරම අස්සේ තමන්ට වස දීපු එවුන්ගෙන් පලිය ගන්නත් එයා පස්සෙන් පන්නනවා. විනාඩි 60ක මේ මාරාන්තික රේස් එක දිනලා චෙව්ට තමන්ගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් හාට් එක නතර වෙලා මිනිහා පරලොව යයිද? දැම්මම සෙට් වෙලා බලන්නකෝ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















