CineVibes
Initializing Experience...
Initializing Experience...

අතීතයේ රාජකීය මාළිගාවක බලය, ආදරය, කුමන්ත්රණ සහ ආහාරවල රස එකට මිශ්ර වෙන කතාවක් තමයි “Bon Appétit, Your Majesty”. වර්තමාන කාලයේ දක්ෂ chef කෙනෙක් අහඹු ලෙස අතීතයට ගමන් කරලා, Joseon රාජධානියේ රජතුමා වෙනුවෙන් ආහාර පිසීමට සිදුවීමත් එක්ක ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇයගේ අතිවිශේෂ cooking skills සහ රජතුමාගේ දැඩි ස්වභාවය අතර ඇතිවන ගැටුම්, රාජකීය මාළිගාවේ සැඟවුණු රහස් සහ ඔවුන් අතර නොසිතූ විදිහට ගොඩනැගෙන බැඳීම මේ කතාව ඉදිරියට අරගෙන යනවා. (From TMDB)
සමහර කතාවල වටිනාකම තියෙන්නේ ඒවායේ තියෙන සිදුවීම්වල විතරක් නෙමෙයි. ඒ කතාවක් කවුරුත් එක්ක, කොහේදී, කොයි මොහොතක බෙදාගත්තද කියන මතකයත් ඒ කතාවේ කොටසක් වෙනවා. “Bon Appétit, Your Majesty” කියන්නෙත් මට එහෙම මතකයක් එක්ක බැඳුණු කතාවක්.
අද මේක CineVibes එකට එකතු කරන මොහොතේ, මේ කතාවේ ඇතුළත සිදුවෙන දේවල් ගැන විතරක් නෙමෙයි කෙනෙක් මේක බලන්න ආසාවෙන් ඉල්ලපු දවස් ගැනත් මතකයක් තියෙනවා. එකට බලන්න හිතාගෙන හිටියත්, අවසානයේ කතාව බලනවට වඩා එකිනෙකා එක්ක හුරතල් වෙවී ගත කරපු වෙලාවල් තමයි මතකයේ ඉතිරි වුණේ.
කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා. සමහරු අපේ ජීවිතවලින් ඈත් වෙලා, වෙනත් කෙනෙක් ළඟ තමන්ගේ ජීවිතය හොයාගන්නවා. ඒත් සමහර මතක අපිව අතහරින්නේ නැහැ. මමත් තාමත් ඒ මතකය ඇතුළේ කොහේ හරි නතර වෙලා ඉන්නවා. ඒ නිසා මේ කතාව තාමත් මට බලන්න බැරි උන කතාවක්. හැබැයි කවදාහරි මේක බලන කෙනෙක්ට මේක තවත් එක Korean drama එකක් වෙන්න පුළුවන්. මට නම්, මේක එක්ක බැඳුණු කෙනෙක් නිසා තාමත් පටන් අරන් නැති, ඒත් මතකයෙන් දැනටමත් සම්පූර්ණ කතාවක්.
ඉතින් කවදාහරි දවසක ඔයා මේක කියවලා මේ කතාව බලන්න ආවොත්, එක දෙයක් විතරක් මතක තියාගන්න. මේ කතාව එක්ක බැඳුණු ඒ පුංචි මතකය කවදාවත් දුකකින් විතරක් මතක් කරන්න එපා. අපි එකට හිටපු ඒ දවස්වල තිබුණු ආදරය, හිනාව එක්කම ලස්සන මතකයක් විදිහට මතක් කරගන්න. මොකද සමහර මතකවලට අවසානයක් තිබුණත්, ඒවා ලස්සන වෙලා තිබුණු කාලය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
Be the first to comment!