CineVibes
Initializing Experience...
Initializing Experience...



හදිසි අනතුරකින් ඇස් පෙනීම නැති වුණත් අකාරි කියන්නේ හැම තිස්සෙම හිනාවෙලා සතුටින් ඉන්න බලන සුපිරි කෙල්ලෙක්. ඔහොම ඉන්නකොට තමයි එයාට රුයිව සෙට් වෙන්නේ. රුයි කියන්නේ ඉස්සර මාරම දක්ෂ කික්බොක්සර් කෙනෙක් වුණාට, දැන් අඳුරු අතීතයක හිරවෙලා තනිවෙච්ච ඩයල් එකක්. හැබැයි අකාරිගේ ඒ ලස්සන හිනාව නිසා රුයිගේ හිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා, එයා ආයෙත් ආදරේ කරන්න පටන් ගන්නවා.
හැබැයි මේ දෙන්නා අතරේ තියෙන්නේ නිකන්ම ආදරයක් විතරක් නෙවෙයි, මුළු ඇඟම හිරිවැටෙන මාරම රහසක්. අකාරිගේ ඇස් පෙනීම නැති වෙන්න හේතු වෙච්ච ඒ භයානක අනතුර පිටිපස්සේ රුයිගේ අතීතයේ ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා හෙළි වෙනවා. තමන් පණ වගේ ආදරේ කරන කෙල්ල වෙනුවෙන් රුයි හැමදේම කැප කරලා මේ වැරැද්ද හදන්න යනකොට මුළු කතාවම පිස්සු හැදෙන පැත්තකට කැරකෙනවා. රුයිට තමන්ගේ ආදරේ බේරගෙන මේ ප්රශ්නෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද?




















Be the first to comment!