CineVibes
Initializing Experience...
Initializing Experience...



මෙක්සිකන් කාටෙල් එකෙන් කිසිම වරදක් නැති සෙලීනාගේ මුළු පවුලම අමානුෂික විදිහට මරලා දානවා. තමන්ගේ ලේ නෑයන්ගේ මළකඳන් ඉස්සරහා වැටීගෙන අඬන සෙලීනා, ඊළඟ තත්පරේදී තීරණය කරනවා මේකට වෙනුවෙන් ලේ ගඟක් ගලවන්න. කාටෙල් එකේ කුරිරු නායකයා වෙන ලූකස් අල්මොන්තේගෙන් පලිය ගන්න සෙලීනා තනියම කෙලින්ම ගේමට බහිනවා.
හැබැයි මේ ගමන ලේසි වෙන්නේ නෑ. තමන්ගේම අතීතයේ තද රහස් එක්ක පොරබදින නුවෙවෝ ලාරෙඩෝ පොලිසියේ ඩිටෙක්ටිව් ඇලෙක්ස්, සෙලීනා එක්ක අමුතුම විදිහට එකතු වෙනවා. මේ දෙන්නා එකතු වෙලා මුළු මෙක්සිකෝවම හොල්ලන කාටෙල් එකට ගහන පිස්සු හැදෙන ගේම බලද්දී ඇඟ කිලිපොලා යනවා මචංලා. සෙලීනාට තමන්ගේ පවුල වෙනුවෙන් ලූකස්ගෙන් පලිය ගන්න පුළුවන් වෙයිද? නැත්නම් එයාටත් කාටෙල් එකේ වෙඩි උණ්ඩයකට මැදි වෙන්න වෙයිද? අදම CineVibes.lk එකෙන් සෙට් වෙලා බලන්නම ඕන පට්ටම ඇක්ෂන් පාරක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.