CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ඇඟම කිලිපොලා යන විදියේ මස් කන, මොළේ විකාර කරන පණුවෝ රංචුවක් මුළු ටවුන් එකක්ම ආක්රමණය කරලා. මුළු ඇෂ්ලන්ඩ් නගරයම දැන් පාලනය කරන්නේ මේ අමුතු පණුවෝ විතරක් නෙවෙයි, උන්ව දෙවිවරු වගේ අදහන ජෝෂුවා කියන පිස්සු මේයර් කෙනෙකුයි එයාගේ සෙට් එකයි. මේ මුළු නගරයම රෑට විතරක් වැඩ කරන අඳුරු අපායක් වෙලා තියෙද්දී, කිසිම ලෙඩක් නැති කෙල්ලෝ තුන්දෙනෙක් හැංගිලා, පිරිසිදුවට, බොහොම අමාරුවෙන් බේරිලා ඉන්න ට්රයි එකක් දෙනවා. හැබැයි මේ පිස්සු වන්දනාකාරයෝ හැමතැනම පීර පීර මේ කෙල්ලෝ තුන්දෙනාවත් උන්ගේ පණුවන්ගේ ගොදුරක් කරන්න දඟලනවා.
බේරිලා ඉන්න එක ලේසි නෑ මචංලා, පොඩ්ඩක් හරි වැරදුණොත් ඉවරෙටම ඉවරයි. කෑම හොයන්න එළියට යන හැම තත්පරේකම මරණය පේනමානෙට එනවා. අන්තිමේදී දරාගන්න බැරිම තැන මේ අය අතරෙත් ලොකු පාවාදීම්, ඇඟ හිරිවැටෙන විදියේ බය හිතෙන දේවල් සිද්ධ වෙන්න ගන්නවා. කාටවත්ම බේරෙන්න බැරි මේ පණු වසංගතයෙන් මේ කෙල්ලෝ තුන්දෙනාට තමන්ගේ පණ ටික බේරගෙන පැනගන්න පුළුවන් වෙයිද, නැත්නම් උනුත් මේ අමුතු පණුවන්ගේ ගොදුරක් වෙලා පිස්සෝ වෙලා යයිද? දැන්ම සෙට් වෙලා මේ පට්ටම ෆිල්ම් එක බලලම දැනගන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



