CineVibes
Initializing Experience...
Initializing Experience...



ත්රස්තවාදයට එරෙහිව සටන් කරපු සුපිරිම කණ්ඩායමක නායකයා වෙලා හිටපු අජිත්, එකපාරටම තමන්ගේම කණ්ඩායමටත් රටටත් එරෙහිව වැඩ කරන්න පටන් ගත්තා කියලා ලොකු සැකයක් ඇති වෙනවා. ඒ නිසාම ඔහුව හොයාගෙන ගිහින් අල්ලගන්න භාරවෙන්නේ එයාගේම පරණ යාලුවෝ සෙට් එකටයි. හැබැයි තමන්ගේම පරණ නායකයා පස්සේ පන්නන මේ සෙට් එකට මුහුණ දෙන්න වෙන්නේ ලේසි පහසු කෙනෙක්ට නෙවෙයි, ඕනෑම භයානක ගේම් එකක් උඩුයටිකුරු කරන්න පුළුවන් සුපිරිම මොළකාරයෙක්ට!
එක හුස්මට බලන්න පුළුවන් පට්ටම ඇක්ෂන් පාරවල් ටිකකුයි, හිතාගන්නවත් බැරි ට්විස්ට් ටිකකුයි එක්ක මේ ෆිල්ම් එක දිගහැරෙන්නේ පිස්සු හැදෙන විදිහට. ඇත්තටම අජිත් මේ කියන විදිහටම ද්‍රෝහියෙක් වෙලාද, නැත්තම් මේක පිටිපස්සේ ඊට වඩා ලොකු කුමන්ත්‍රණයක් තියෙනවද? තමන්ගේම යාලුවොන්ගේ දඩයමෙන් බේරිලා එයාට මේ ගේම් එක දිනන්න පුළුවන් වෙයිද? අදම සෙට් වෙලා බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා!




















Be the first to comment!