CineVibes
Initializing Experience...
Initializing Experience...



70, 80 ගණන්වල සිනමාවට පිස්සුවෙන් වගේ ආදරේ කරපු යාළුවෝ දෙන්නෙක්, තමන්ගේ ලොකුම හීනය වෙන සිනමා ලෝකය ජයගන්න එකතු වෙලා කරන පිස්සු නැටුමෙන් තමයි මේ කතාව පටන් ගන්නේ. එකෙක් සින්දු හදන්න, අනිත් කෙනා ෆිල්ම් එකක් ඩිරෙක්ට් කරන්න පෙරුම් පුරද්දී, කොඩම්බක්කම්වල තට්ටු නොකරපු දොරක් නැති තරම්. කට්ට ක කාලා, බඩගින්නේ ඉඳලා කොහොමහරි සිනමා ලෝකය හොල්ලන්න හදන මේ දෙන්නගේ සූදුව ඕනෑම කෙනෙක්ගේ හදවතටම වදිනවා.
ඒත් කාලයත් එක්ක ප්රසිද්ධියයි, සල්ලියි මැදට එද්දී හිතුවෙවත් නැති විදිහට මේ දෙන්නගේ ගමන් මාර්ග වෙනස් වෙන්න පටන් ගන්නවා. අවුරුදු ගාණක් පෙරුම් පුරපු මේ සිනමා හීනය වෙනුවෙන් එකට හිටපු යාළුකම බිලිදෙන්න වෙයිද? නැත්නම් හැමදේම පරදා ආයෙත් මේ දෙන්නා එකතු වෙලා සිනමා ලෝකය හොල්ලයිද? මලයාලම් සිනමාවේ තවත් හදවතටම දැනෙන, පට්ටම ලස්සන ෆීල් ගුඩ් කොමඩි මාස්ටර්පීස් එකක් වෙන මේ සුපිරි ෆිල්ම් එක CineVibes.lk එකෙන් දැන්ම බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









