CineVibes
Initializing Experience...
Initializing Experience...



හිතාගන්නකෝ කිසිම මනුස්සයෙක් නැති පාළු දූපතකට ප්ලේන් එකක් ඉමර්ජන්සි ලෑන්ඩ් කරලා, ඔයාට ඔයා අකමැතිම ජාතියේ කෙනෙක් එක්ක තනියම බේරෙන්න සටන් කරන්න වුණොත් මොන වගේ වෙයිද කියලා? ලීනා කියන නිදහසේ හැදුණු කෙල්ලට වෙන්නෙත් ඒ වගේ පිස්සු හැදෙන වැඩක්. එයාට මේ දූපතේ අතරමං වෙන්න වෙන්නේ සෙම් කියන පට්ටම මාන්නක්කාර, තමන්ව සුපිරි පොරක් කියලා හිතාගෙන ඉන්න තුර්කි කොල්ලෙක් එක්ක. මුලින්ම මූ කරන කැත වැඩ හින්දා ලීනාට මූව පේන්න බෑ. හැබැයි දූපතේ කට්ට කද්දී, මුහුදු ජෙලිෆිෂ්ලාගෙන් බේරෙන්න හදද්දී, මේ රවුඩි කොල්ලා යට ඉන්න නියම ආදරවන්තයාව ලීනාට ටික ටික පේන්න ගන්නවා.
මේ අතරේ දූපතේ අතරමං වුණු මුන් දෙන්නව හොයන්න මුන්ගේ දෙමව්පියෝ දෙන්නත් එකතු වෙනවා. ලීනාගේ අම්මා කිසිම නීතියක් නැතිව ළමයි හදන මනෝවිද්යාඥවරියක්, සෙම්ගේ තාත්තා නියම තුර්කි පරණ තාලේ පොරක්. මේ වෙනස්ම සංස්කෘතීන් දෙකේ පරම්පරා දෙක එකතු වෙලා කරන මේ සෙල්ලම නම් ලේසි වෙන්නේ නෑ. මුන් දෙන්නා දූපතෙන් බේරිලා එයිද, නැත්නම් එතනම ආදරේ පටලවාගෙන පිස්සුවක් නටයිද?


















Be the first to comment!