CineVibes
Initializing Experience...
Initializing Experience...



රට වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්ති වෙලා හිටපු පට්ටම Special Ops සොල්දාදුවෝ ටිකක්, රිටයර් වුනාට පස්සේ ජීවත් වෙන්න අමාරුවෙන් ගේමක් ගහනවා. හැබැයි මේ සෙට් එකට හම්බවෙනවා පිස්සු හැදෙන ප්ලෑන් එකක්. ඒ තමයි දකුණු ඇමෙරිකාවේ ඉන්න දරුණුම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්ගේ රහස් තැනකට පැනලා, ඩොලර් මිලියන 75ක සල්ලි කන්දක් හොරෙන් උස්සන එක.
වැඩේ ලේසි නැති බව දැන දැනත් අම්බානකට සල්ලි ඕන වෙලා ඉන්න මේ යාළුවෝ ටික මේ අතිශය භයානක මිෂන් එකට බහිනවා. හැබැයි සල්ලි ටික උස්සලා බේරිලා එන්න හදද්දී තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. හැම පැත්තෙන්ම සතුරෝ වටවෙද්දී, කඳු හෙල් මැදින් මේ අයට ඩොලර් මිලියන 75ත් අරන් පණ පිටින් බේරිලා යන්න පුළුවන් වෙයිද? අනිවාරෙන්ම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙලා බලන්නකෝ.




















Be the first to comment!