CineVibes
Initializing Experience...
Initializing Experience...



නැන්සි කියන්නේ සර්ෆින් කරන්න පිස්සුවෙන් වගේ ආස කරන කෙල්ලෙක්. දවසක් එයා කිසිම කෙනෙක් නැති, හුදකලා ලස්සනම ලස්සන වෙරළකට යනවා සර්ෆ් කරන්න. සර්ෆ් බෝඩ් එකත් අරන් මුහුදට බැහැලා රැලි අතරේ සෙල්ලම් කර කර ඉන්නකොට තමයි හීනෙකින්වත් නොහිතපු විපතක් වෙන්නේ. එකපාරටම මතු වෙන යෝධ සුදු මෝරෙක් නැන්සිට ඇටෑක් කරනවා! කොහොමහරි බේරිලා මුහුද මැද තියෙන පොඩි ගලක් උඩට ගොඩවෙන්න නැන්සිට පුළුවන් වුණත්, එයාගේ කකුල හොඳටම තුවාල වෙලා. වෙරළට තියෙන්නේ මීටර් දෙසීයක් වගේ පොඩි දුරක් වුණාට, ඒ අතරමැද මුහුදේ අර මිනීකන මෝරා නැන්සි දිහා බලාගෙන කැරකෙමින් ඉන්නේ.
දැන් ටිකෙන් ටික වතුර මට්ටම වැඩි වෙනවා, ඒ කියන්නේ නැන්සි ඉන්න පොඩි ගලත් තව ටික වෙලාවකින් වතුරෙන් යට වෙලා යනවා. උදව්වට කවුරුවත්ම නෑ, තුවාල වුණු කකුලෙන් ලේ ගලන සුවඳට මෝරා තවත් කුලප්පු වෙනවා. තමන්ගේ බුද්ධියයි ධෛර්යයයි විතරක් පාවිච්චි කරලා, මේ මාරක මෝරව පරද්දලා නැන්සිට පණ බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් එයා ඒ යෝධ මෝරට ගොදුරක් වෙලාම ඉවර වෙලා යයිද? පිස්සු හැදෙන ත්රිලර් එකක් බලන්න ආස අයට මේක පට්ටම ෆිල්ම් එකක්, අනිවාරෙන් සෙට් වෙලාම බලන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















