CineVibes
Initializing Experience...
Initializing Experience...



රෑ තිස්සේ බීලා, සිංදු කියලා සුපිරිම බීච් පාටියක් දාලා පහුවදා උදේ ඇහැරෙනකොට මුළු ඇඟම සීතල වෙලා යන සිද්ධියකට මේ සෙට් එකට මුහුණ දෙන්න වෙනවා. රස්නේ අව්වේ පිච්චි පිච්චි ඇහැරෙනකොට කට්ටියගෙන් කීපදෙනෙක්ම අඩු වෙලා. වැල්ල යට හැංගිලා ඉන්න අමුතුම විදියේ ලේ පිපාසිත සතෙක් වැලි කැටයක් හරි පෑගෙන හැමෝවම ඇදලා අරන් අමු අමුවේ කන්න පටන් ගන්නවා.
පොඩ්ඩක් හරි වැල්ලේ කකුල ගෑවුණොත් ඉවරෙටම ඉවරයි මචංලා, අර යක්ෂ සතාගේ බූවල්ලෙක්ගේ වගේ තියෙන කටු පිරුණු අඬු වලින් ඇදලා ගන්නවා. වාහන උඩයි, මුර කුටි උඩයි හිරවෙලා ඉන්න මේ යාලුවෝ සෙට් එකට බේරෙන්න කිසිම ක්රමයක් නැති වෙනකොට දැනෙන බය පිස්සු හදවනවා. මුළු ඇඟම හිරිවැටෙන මේ පට්ටම ෆිල්ම් එක දැන්ම බලන්න සෙට් වෙන්න. මුන්ට මේ මර උගුලෙන් පණ බේරගෙන පැනගන්න පුළුවන් වෙයිද?




















Be the first to comment!