CineVibes
Initializing Experience...
Initializing Experience...



අමුතුම විදියේ වීඩියෝ ටේප් එකක් බලලා හරියටම දවස් හතකින් මැරෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? යොවුන් වයසේ ළමයි හතරදෙනෙක් එක පිට එක එකම විදියට මැරුණට පස්සේ, රේචල් කියන ජර්නලිස්ට් අම්මා මේ මරණ පිටිපස්සේ තියෙන ඇත්ත හොයන්න පටන් ගන්නවා. මිනිස්සු අතරේ ලොකු කතාවක් යනවා මේ අමුතු වීඩියෝ එක බලන ඕනම කෙනෙක් දවස් හතකට පස්සේ බිලි වෙනවා කියලා. ඒත් කුතුහලේ ඉවසගන්න බැරුව රේචල් කොහොමහරි මේ කැසට් එක හොයාගෙන ඒක බලනවා!
ඒක බලපු ගමන්ම රේචල්ට එනවා අමුතුම ෆෝන් කෝල් එකක්. දැන් එයාගේ කැරකෙන ඔරලෝසු කටු එක්ක මරණය ළඟටම ඇවිත්! එයාට විතරක් නෙමෙයි, එයාගේ චූටි පුතාගේ ජීවිතෙත් තියෙන්නේ මහ ලොකු අනතුරක. මේ සාපයෙන් බේරෙන්න නම් දවස් හතක් ඇතුළත මේ වීඩියෝ එක පිටිපස්සේ තියෙන භයානක රහස හොයාගන්නම වෙනවා. රේචල්ට කාලයත් එක්ක සටන් කරලා පුතාවයි තමන්වයි බේරගන්න පුළුවන් වෙයිද? නැත්තම් එයාලත් මේ අභිරහස් සාපයට බිලි වෙයිද? පිස්සු හැදෙන භයානක අත්දැකීමක් ගන්න අදම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















