CineVibes
Initializing Experience...
Initializing Experience...



සෙක්ස් කියන්නේ ආතල් එකක් විතරයි කියලා හිතාගෙන ලයිෆ් එක පිස්සුවෙන් වගේ එන්ජෝයි කරන ඇන්ජෙලාට හිතාගන්නවත් බැරි පට්ට සිද්ධියකට මූණ දෙන්න වෙනවා. එකපාරටම කෙල්ල ප්රෙග්නන්ට් වෙනවා කියහන්කෝ! හැබැයි ලොකුම අලකලංචිය කියන්නේ තමන්ගේ බඩේ ඉන්න බබාගේ තාත්තා කවුද කියලා ඇන්ජෙලාට පොඩ්ඩක්වත් හිතාගන්න බැරි වෙන එක. මොකද එයා එක්ක නිදාගත්තු පිරිමි අයගේ ලිස්ට් එක ඒ තරම්ම දිගයි.
දැන් ඉතින් තමන්ගේ ගේ බෙස්ටිත් එක්ක එකතු වෙලා ඇන්ජෙලා පට්ට ගේම් එකක් දෙනවා තමන්ගේ බබාගේ තාත්තා කවුද කියලා හොයාගන්න. එයාගේ පරණ පෙම්වතුන් එක එක්කෙනා පස්සේ පන්නලා කෙල්ල කරන පිස්සු වැඩ හින්දා මුළු ලෝකෙම අනිත් පැත්ත පෙරලෙනවා. මේ විකාර සෙවුම අවසානයේ ඇන්ජෙලාට ඇත්තම තාත්තා කවුද කියලා හොයාගන්න පුළුවන් වෙයිද? නැත්නම් ලයිෆ් එක තවත් මල ඉලව්වක් වෙයිද කියලා දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙලාම බලමුද?




Be the first to comment!