CineVibes
Initializing Experience...
Initializing Experience...



යාලුවෝ සෙට් එකක් එකතු වෙලා ආතල් එකේ Spring Break Camping ට්‍රිප් එකක් යන්න තමා ලෑස්ති වුනේ. හැබැයි කවුරුත් හිතපු නැති අමුතුම විදියේ පිස්සු හැදෙන ඇක්සිඩන්ට් එකක් වෙලා, එක යාලුවෙක්ගේ ඇඟේ තියෙන වටිනාම අංගයක් කැපිලා වෙන් වෙනවා. හිතාගන්නවත් බැරි විදියේ මේ විපතින් පස්සේ, කොල්ලෝ ටිකට සිද්ධ වෙනවා ඒ වෙන් වුනු කෑල්ල වෙලාවට හොස්පිටල් එකට අරන් යන්න පට්ට ගේමක් ගහන්න.
හැබැයි වැඩේ කියන්නේ මේ සෙට් එකට ඒක හරියට වෙලාවට හොස්පිටල් එකට ගෙනියන්න පුළුවන් වෙයිද? අතරමගදී සෙට් වෙන පිස්සු කේස්, එක එක ජාතියේ මෝඩ වැඩ හින්දා මුළු ට්‍රිප් එකම පට්ටම අවුලක් වෙනවා. මාරම කොමඩියක් එක්ක යන මේ පිස්සු ඇඩ්වෙන්චර් එක අනිවාරෙන් සෙට් වෙලා බලන්නම ඕන එකක්. කොල්ලෝ ටික මේ අකරතැබ්බයෙන් යාලුවාව බේරගන්නේ කොහොමද කියලා බලමුද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















