CineVibes
Initializing Experience...
Initializing Experience...



කේට් එයාගේ කොල්ලගේ යාළුවොත් එක්ක කැලෑවක් මැද තියෙන පට්ටම ලස්සන පැත්තකට ට්‍රිප් එකක් යන්නේ සෙට් වෙලා ආතල් එකක් ගන්න. හැබැයි එතනදී මෙයාලගේ පරණ ප්‍රශ්න ආයෙත් ඇවිස්සිලා රණ්ඩු වෙනකොටම තමයි අහසේ අමුතුම විදිහේ එළි වගයක් පාත් වෙන්න පටන් ගන්නේ. මේ සිද්ධියෙන් පස්සේ හැමෝම පුදුම වෙන විදිහට කට්ටියගේ රණ්ඩු සරුවල් ඔක්කොම නැති වෙලා, යාළුවෝ හැමෝම අමුතුම විදිහට සන්සුන්, පුදුම හිතෙන තරම් කරුණාවන්ත "හොඳ" මිනිස්සු වෙන්න ගන්නවා.
මේ අස්වාභාවික වෙනස පිටිපස්සේ මොකක් හරි මහා භයානක බලවේගයක් තියෙනවා කියලා කේට්ට තේරුණත්, අනිත් අය හිතන්නේ එයාට පිස්සු හැදිලා කියලා. තමන්ගේ ළඟම ඉන්න අයත් එකා පිට එකා මේ අද්භූත බලවේගයට අහු වෙලා වෙනස් වෙනකොට, කේට්ට මේකෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මුළු ලෝකයම මේ අමුතු "හොඳ" මිනිස්සුන්ගෙන් වැහිලා යන්න කලින් කේට් මේක නවත්තන්නේ කොහොමද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









