


The Last Viking
අවුරුදු දාහතරක් තිස්සේ හිරේ කටු කාපු ඇන්කර් එළියට එන්නේ එකම එක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒ තමයි එයා හොරකම් කරලා හංගපු සල්ලි කන්දරාව ආපහු ගන්න එක. හැබැයි මේ සල්ලි හංගපු තැන දන්න එකම කෙනා වෙච්ච එයාගේ මල්ලි මෑන්ෆ්‍රඩ්ට පොඩි මානසික ලෙඩක් තියෙනවා. පිස්සු හැදෙන වැඩේ කියන්නේ, මෑන්ෆ්‍රඩ්ට දැන් ඒ සල්ලි හැංගුවේ කොහෙද කියලා සේරම අමතක වෙලා! ඉතින් මේ සහෝදරයෝ දෙන්නා එකතු වෙලා අර නැති වුණ සල්ලි ටික හොයාගෙන පට්ටම ගමනක් යන්න පටන් ගන්නවා.
මේ ගමන ලේසි වෙන්නේ නැහැ මචංලා, මොකද පරණ සතුරෝ වගේම මුන් දෙන්නගේ අතීතයත් පස්සෙන් පන්නනවා. සල්ලි හොයන්න යන පාරේ මුන්ට තමන් කවුද කියන එකත් අලුතින්ම තේරුම් ගන්න වෙනවා. සල්ලි තියෙන තැන මෑන්ෆ්‍රඩ්ට මතක් වෙයිද? නැත්නම් මුන් දෙන්නා ලොකු අමාරුවක වැටිලා සේරම ඉවර වෙලා යයිද? සුපිරිම සෙල්ලමක් බලාගන්න දැන්ම සෙට් වෙන්න!
Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!