CineVibes
Initializing Experience...
Initializing Experience...



හිතන්නකෝ රෑ නිදාගන්න ගිහින් උදේ ඇහැරෙද්දි තමන්ගේම ගෙදර සම්පූර්ණයෙන්ම සීල් වෙලා කියලා! දොරවල්, ජනේල කිසිම දෙයක් ඇරගන්න බැහැ. මේ පවුලේ අයටත් වුණේ ඒ වගේ පිස්සු හැදෙන වැඩක්. එකපාරටම කිසිම හේතුවක් නැතුව මුළු ගෙදරම ලොක් වෙනවා.
කෑම බීම, වතුර ටික ටික ඉවර වේගෙන යද්දි, මේ හැමෝටම තේරෙනවා තමන් විතරක් නෙවෙයි මේ ගේ ඇතුළේ ඉන්නේ කියලා.
එළියෙන් ඇහෙන අමුතු සද්දත් එක්ක මුළු පවුලම අන්ත අසරණ වෙනවා. බේරෙන්න නම් හැමෝම එකතු වෙන්නම ඕනේ. හැබැයි හැම තත්පරේකම මරණ බය දැනෙද්දි, තමන්ගේම අයව විශ්වාස කරන්න පුළුවන් වෙයිද?
මේ අද්භූත අනතුරෙන් බේරිලා පණ පිටින් එළියට යන්න මුන් ටිකට පුළුවන් වෙයිද, නැත්නම් මේක මුළු පවුලටම අවසන් නවාතැන වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















