CineVibes
Initializing Experience...
Initializing Experience...



මැදපෙරදිග තියෙන ඇමරිකානු කඳවුරකට හිතාගන්නවත් බැරි විදිහේ දරුණු බෝම්බ ප්රහාරයක් එල්ල වෙනවා. මේ ප්රහාරයෙන් පස්සේ මුළු පළාතම ලේ විලක් වෙද්දී, සිද්ධිය ගැන හොයලා බලන්න ඇමරිකානු රජයේ දක්ෂතම FBI ඒජන්ට්ලා හතර දෙනෙක් රහසිගතව එතනට යනවා. හැබැයි මේක නිකන්ම නිකන් විමර්ශනයක් නෙවෙයි, හැම තත්පරේකදීම මරණය අතේ තියාගෙන කරන්න වෙන පට්ටම භයානක ගේමක්. සතුරන්ගෙන් පිරුණු, කවුද තමන්ගේ මිතුරා කවුද සතුරා කියලා හිතාගන්න බැරි මේ වටපිටාවේ, මේ කට්ටියට මුල ඉඳලම මුහුණ දෙන්න වෙන්නේ දරුණු වෙඩි ප්රහාර සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට.
ටිකෙන් ටික විමර්ශන ඉස්සරහට යද්දී මුළු නගරයම යුධ පිටියක් බවට පත්වෙනවා. කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැරි මේ නන්නාදුනන දේශයේදී සතුරෝ මේ කණ්ඩායම වටකරලා එක පිට එක ප්රහාර එල්ල කරන්න පටන් ගන්නේ මුළු ඇඟම හිරිවැටිලා යන විදිහටයි. මේ මරණයේ උගුලෙන් බේරිලා, ප්රහාරය පිටුපස ඉන්න සැබෑ මහ මොළකරු කොටු කරගන්න මේ හතරදෙනාට පුළුවන් වෙයිද? නැත්නම් සතුරන්ගේම දේශයේදී මුන් හැමෝටම තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවන්න වෙයිද? පිස්සු හැදෙන ඇක්ෂන් ටිකක් බලාගන්න දැන්ම මේ සුපිරි ෆිල්ම් එකත් එක්ක සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















