CineVibes
Initializing Experience...
Initializing Experience...



2006 අවුරුද්දේ ආජන්ටිනාවේ සිද්ධ වුණු පිස්සු හැදෙන ඇත්තම සිදුවීමක් පදනම් කරගෙන තමා මේ පට්ටම ෆිල්ම් එක හදලා තියෙන්නේ. කිසිම ඇත්ත ආයුධයක් නැතුව, සෙල්ලම් තුවක්කු විතරක් අරන් රියෝ බැංකුව ඇතුලට කඩා වදින හොරු ටිකක්, මුළු පොලිසියම අන්දලා ඩොලර් මිලියන ගාණක සල්ලියි රත්තරනුයි කොල්ලකන විදිය දැක්කම පිස්සු හැදෙනවා මචංලා. බැංකුව වට කරලා ඉන්න සිය ගාණක් පොලිස් නිලධාරීන්ගේ ඇස් වලට වැලි ගහලා මුන් ගහන සුපිරි ප්ලෑන් එක නම් වෙනම මට්ටමක එකක්.
අන්තිමේදී කෝටි ගාණක සල්ලියි අරන් කානුවක් අස්සෙන් මුන් මාරු වෙනකොට බැංකුව ඇතුලේ පොලිසියට ඉතුරු වෙන්නේ සෙල්ලම් තුවක්කු ටික විතරයි. හැබැයි නියම ගේම පටන් ගන්නේ එතනින් පස්සේ. මේ තරම් මොළයෙන් ප්ලෑන් කරලා ගේම ගහපු මුන්ව අල්ලගන්න පොලිසියට පුළුවන් වෙයිද? නැත්නම් මුන් සල්ලි ටිකත් අරන් ෂේප් එකේ මාරු වෙයිද? දැනගන්නම CineVibes.lk එකෙන් දැන්ම මේක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

















