CineVibes
Initializing Experience...
Initializing Experience...



1930 ගණන්වල කොරියාවේ ලොකු සල්ලිකාර පවුලක කෙල්ලෙක් ඉන්නවා හිඩෙකෝ කියලා. මෙයා ජීවත් වෙන්නේ එයාගේ අමුතු මාමා කෙනෙක් එක්ක මහ විසාල මන්දිරයක. ඉතින් මේ හිඩෙකෝගේ උදව්වට අලුතෙන් වැඩකාර කෙල්ලෙක් එනවා සුක්-හී කියලා. හැබැයි මචංලා, මේ එන කෙල්ල සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, පට්ට කපටි හොර කෙල්ලෙක්! සල්ලිකාරයෙක් වගේ රඟපාන කපටි හොරෙක් එක්ක එකතු වෙලා මේ සුක්-හී හදන්නේ හිඩෙකෝව රවට්ටලා එයාගේ මුළු සේසතම කොල්ලකන්න.
හැබැයි මේ සැලසුම ක්‍රියාත්මක කරන්න යද්දී මුළු කතාවම උඩුයටිකුරු වෙනවා. මේ වැඩකාර කෙල්ලයි සල්ලිකාර කෙල්ලයි අතරේ ඇතිවෙන සමීපකම නිසා මුළු ගේම වෙනස්ම පැත්තකට කැරකෙන්න ගන්නවා. හැමෝම කරන්නේ රඟපෑමක්, කාටවත් කාවවත් විශ්වාස කරන්න බෑ. අන්තිමට සල්ලිකාර කෙල්ලව රවට්ටන්න ආපු අයට මොකද වෙන්නේ? මේ කපටි ගේමෙන් ඇත්තටම දිනන්නේ කවුද?




















Be the first to comment!