CineVibes
Initializing Experience...
Initializing Experience...



ජපානයේ ටෝකියෝ වල රස්සාව කරන ඇමෙරිකන් හෙදියක් වෙන කැරන්, දවසක් අසනීප වුණු වයසක කෙනෙක්ව බලන්න අමුතුම විදියේ ගෙදරකට යනවා. හැබැයි එහේ ගියාම තමයි ඇයට තේරෙන්නේ ඒ ගෙදර ඇතුළේ සාමාන්‍ය දෙයක් නෙවෙයි, මාරම බියකරු අමුතුම ජාතියෙ ශාපයක් හැංගිලා තියෙනවා කියලා. ඒ ගෙදරට කකුල තියෙන ඕනෑම කෙනෙක්ගේ ඇඟට රිංගන මේ යක්ෂ බලවේගය, ඒ අයව ගොදුරු කරගෙන ඊළඟ එක්කෙනා පස්සෙන් පන්නන්න පටන් ගන්නවා.
කෙනෙක්ව අන්තිම අඩියටම බය කරලා, පිස්සු වට්ටලා නැති කරලා දානකල්ම ඒ අත්භූත බලවේගය අතහරින්නේ නැහැ. එක පාරටම ඇහෙන ඒ බිහිසුණු සද්දෙයි, කළු කොණ්ඩෙ අස්සෙන් මතු වෙන බියකරු මූණයි දැක්කම පිස්සු හැදෙනවා මචංලා. මේ මාරාන්තික ශාපයෙන් බේරෙන්න කැරන්ට පුළුවන් වෙයිද? නැත්නම් ඇයටත් ඒ අහිංසක විදියට මිය යන්න වෙයිද කියලා දැනගන්න දැන්ම CineVibes.lk එකෙන් මේ පට්ටම හොරර් ෆිල්ම් එකට සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















