CineVibes
Initializing Experience...
Initializing Experience...



ලේඛිකාවක් වෙන්න ලොකු හීනයක් තියාගෙන නිව්යෝක් නගරෙට එන ඇන්ඩිට හිතන්නෙවත් නැති විදියේ ජොබ් එකක් සෙට් වෙනවා. ඒ තමයි මුළු ලෝකෙම හොල්ලන 'රන්වේ' ෆැෂන් මැගසින් එකේ ප්රධාන කතෘ, මිරැන්ඩා ප්රීස්ට්ලිගේ දෙවෙනි සහකාරිය වෙන එක. හැබැයි මේක නිකම්ම නිකන් ජොබ් එකක් නෙවෙයි මචංලා, මිරැන්ඩා කියන්නෙ තමන්ගෙ යටතේ වැඩ කරන අයට පොඩ්ඩක්වත් සමාවක් නොදෙන, කිසිම කෙනෙක්ට කරන්න බැරි විදියේ වැඩ පවරන පට්ටම සැර වෙනස්ම විදියේ බොස් කෙනෙක්!
ෆැෂන් ගැන මෙලෝ දෙයක් නොදන්න ඇන්ඩිට මිරැන්ඩා දෙන අභියෝග හින්දා පිස්සු හැදෙන තරම් අමාරු වෙනවා. ඒ අස්සේ තමන්ගේ ආදරේ, යාළුවෝ ඔක්කොම එයාගෙන් ඈත් වෙද්දී, ඇන්ඩිත් තමන්වම වෙනස් කරගෙන මේ ග්ලැමරස් ලෝකෙට සෙට් වෙන්න පටන් ගන්නවා. මිරැන්ඩාගේ මේ යක්ෂ රූල්ස් අස්සේ ඇන්ඩිට තමන්ගේ ඇත්ත හීනෙට යන්න පුළුවන් වෙයිද? නැත්තම් එයාත් මේ කුරිරු ෆැෂන් ලෝකෙට බිලි වෙලා නතර වෙයිද? අනිවාරෙන් දැන්ම CineVibes.lk එකෙන් බලන්නම ඕන සුපිරිම ෆිල්ම් එකක්!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















