CineVibes
Initializing Experience...
Initializing Experience...



පුංචි බෲනෝ එයාගේ පවුලේ අයත් එක්ක බර්ලින්වල ඉඳන් පෝලන්තයේ අමුතුම පාලු පැත්තකට පදිංචියට එනවා. එහේදී බෲනෝට දකින්න ලැබෙන්නේ ලොකු කටුකම්බි වැටක්. ඒ වැටෙන් එහා පැත්තේ හැමෝම ඉන්නේ ඉරි වැටුණු නයිට් ඇඳුම් ඇඳගෙන. දවසක් මේ වැට ළඟ සෙල්ලම් කර කර ඉද්දි බෲනෝට ශ්මුවෙල් කියලා එයාගේම වයසේ යාළුවෙක් හම්බෙනවා. හැබැයි බෲනෝ දන්නේ නැහැ මේ වැටෙන් එහා පැත්තේ තියෙන්නේ යුදෙව්වන්ව හිර කරලා තියෙන දරුණු වධකාකාගාරයක් කියලවත්, ඒකේ ලොක්කා තමන්ගේම නාසි තාත්තා කියලවත්.
මේ අහිංසක යාළුකම දවසින් දවස ශක්තිමත් වෙද්දී, දවසක් බෲනෝ තීරණය කරනවා හොරෙන්ම වැටෙන් රිංගලා ඒ පැත්තට යන්න. යාළුවාට උදව් කරන්න හිතාගෙන කටුකම්බි වැටෙන් ඇතුළට යන බෲනෝට මොන වගේ දේකටද මූණ දෙන්න වෙන්නේ? තමන්ගේම තාත්තා පාලනය කරන මේ මරණයේ කඳවුර ඇතුළේදී බෲනෝට බේරෙන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන පට්ටම කතාවක්, අන්තිම ටික බලද්දී ඇස්වලට කඳුළු උනනවා ෂුවර්. මේක දැන්ම CineVibes.lk එකෙන් බලලම හොයාගන්නකෝ මොකද වෙන්නේ කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















