CineVibes
Initializing Experience...
Initializing Experience...



The Bodyguard (2025) කියන්නේ ක්‍රියාදාම, අපරාධ සහ ත්‍රාසජනක සිදුවීම් එකට ගෙන එන චීන චිත්‍රපටයක්. මෙහි කතාවේ මධ්‍යයේ සිටින්නේ Gao Tian නම් පළපුරුදු bodyguard කෙනෙක්. ඔහුගේ පැරණි සේවාදායකයෙකුගෙන් හදිසි උදව් ඉල්ලීමක් ලැබුණු මොහොතේ, වැඩි විස්තරයක්වත් නොදැන ඔහු වහාම ක්‍රියාත්මක වෙනවා.
නමුත් මේ මෙහෙයුම සාමාන්‍ය rescue mission එකක් නොවන බව ඉක්මනින්ම පැහැදිලි වෙනවා. තොරතුරු අඩුයි, සහාය නැහැ, ඉදිරියේ සිටින සතුරන් කවුද කියලත් නිශ්චිත නැහැ. තමන්ගේ පැරණි ගුරුවරයාගේ සහාය ලබාගෙන Gao Tian තාවකාලික කණ්ඩායමක් එකතු කරගන්නා අතර, ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ එකින් එක වෙනස් වන අනපේක්ෂිත තත්ත්වයන්ටයි.
මෙහෙයුම ඉදිරියට යද්දී කවුරුන්ද සැබෑ අපරාධකරුවන්? කවුරුන්ව විශ්වාස කළ හැකිද? කියන ප්‍රශ්න තව තවත් සංකීර්ණ වෙනවා. තොරතුරු වැරදි අතට යාමත්, හොඳ සහ නරක අතර සීමාව පැහැදිලි නොවීමත් නිසා Gao Tianගේ මෙහෙයුම ජීවිතයත් මරණයත් අතර සටනක් බවට පත්වෙනවා.
⚡ වේගවත් Action, Rescue Mission එකක් සහ අවසානය දක්වා සැඟවුණු රහස් කැමති අයට The Bodyguard (2025) කියන්නේ බලන්න වටිනා චිත්‍රපටයක්. CineVibes.lk සමඟින් මේ ත්‍රාසජනක මෙහෙයුමට එකතු වෙන්න!






Be the first to comment!