CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ වයිෆ්ට බබෙක් දෙන්න පෙරුම් පුරන කොල්ලෙක්ට එකපාරටම දැනගන්න ලැබෙනවා එයාට බබාලා හදන්න බැහැ කියලා. හැබැයි මෙයාට එකපාරටම මතක් වෙනවා මීට අවුරුදු ගානකට කලින් එයා ස්පර්ම් බෑන්ක් එකක තමන්ගේ සාම්පලයක් තැන්පත් කළා නේද කියලා. වෙන කරන්නම දෙයක් නැති තැන, මෙයා පිස්සු යාළුවො ටිකත් එකතු කරගෙන ඒ ස්පර්ම් බෑන්ක් එක කඩලා තමන්ගේ සාම්පලය ආපහු හොරකම් කරන්න සුපිරිම ප්ලෑනක් ගහනවා.
සාමාන්‍ය හොරකමක් වගේ නෙවෙයිනේ මචංලා මේ වගේ අමුතු තැනක් කඩන්න යන එක! කිසිම පළපුරුද්දක් නැතුව ගේමට බහින මේ අමුතු හොරු සෙට් එකට වැඩේ අස්සේ වෙන ආතල් වැඩ හින්දා මුළු ප්ලෑන් එකම අනාගන්න තැනට වැඩ සිද්ධ වෙනවා. පිස්සු හැදෙන කොමඩියක් එක්ක යන මේ පට්ට ගේම අන්තිමේදී ගොඩදාගන්න මෙයාට පුළුවන් වෙයිද? නැත්නම් මුළු අලකලංචියම වයිෆ්ට මාට්ටු වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









