CineVibes
Initializing Experience...
Initializing Experience...



🎬 Tell Me Softly (2025)
Tell Me Softly (Dímelo bajito) කියන්නේ Mercedes Ronගේ එම නමින්ම ඇති නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ ස්පාඤ්ඤ Drama / Romance චිත්රපටයක්. Denis Rovira විසින් අධ්යක්ෂණය කළ මෙහි ප්රධාන චරිත ලෙස Alícia Falcó, Fernando Lindez සහ Diego Vidales රංගනයෙන් එක්වෙති.
Kamila “Kami” කියන්නේ තම ජීවිතය හැම දෙයක්ම පිළිවෙළකට තියාගෙන, කිසිම වැරැද්දකට ඉඩ නොදී ඉදිරියට යන්න උත්සාහ කරන තරුණියක්. ඒත් වසර හතකට පසු ඇගේ ළමා කාලයේ හොඳම මිතුරන් වූ Di Bianco සහෝදරයන් වන Thiago සහ Taylor නැවත ඇගේ ජීවිතයට පැමිණීමත් සමඟ ඒ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගන්නවා.
Thiago කියන්නේ Kamiගේ පළමු ආදර හැඟීම හා පළමු සිපගැනීම සමඟ බැඳුණු කෙනෙක්. අනෙක් පැත්තෙන් Taylor ඇයට හැමදාමත් විශ්වාස කළ හැකි හොඳම මිතුරෙකු සහ ආරක්ෂකයෙකු වගේ හිටපු කෙනෙක්. අතීතයේ සිදුවුණු වේදනාකාරී සිදුවීමක් නිසා මේ සහෝදරයන් දෙදෙනා Kamiගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදන් වී තිබුණත්, ඔවුන්ගේ නැවත පැමිණීමත් සමඟ වසර ගණනක් යටපත් කරගෙන සිටි හැඟීම් නැවතත් මතු වෙනවා.
දැන් Kamiට මුහුණ දෙන්න වෙන්නේ තමන්ගේ අතීතය, අමතක කරන්න උත්සාහ කළ මතකයන් සහ එකිනෙකට වෙනස් ආකාරයෙන් ඇයව ආදරයෙන් බැඳී සිටින සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතාවයකටයි. ඔවුන් අතර සැඟවුණු රහස් සහ නොකියූ හැඟීම් එකින් එක එළියට එද්දී, Kamiගේ ජීවිතය නැවතත් සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පටන් ගන්නවා.
අවසානයේ මේ තුන්දෙනාට තමන්ව වෙන් කළ අතීතය ජයගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයිද? නැත්නම් වසර හතකට පෙර අවසන් නොවූ කතාව ඔවුන්ගේ ජීවිත නැවතත් කැබලි කර දමයිද? CineVibes.lk වෙතින් බලන්න වටිනා මේ ආදර කතාවේ ඒ ප්රශ්නවලට පිළිතුරු හොයාගන්න වෙන්නේ චිත්රපටයත් එක්කමයි. 🍿❤️
Tell Me Softly 2025 දෙසැම්බර් 12 වනදා නිකුත් වූ අතර ධාවන කාලය පැය 1යි විනාඩි 59ක් පමණ වේ.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















