CineVibes
Initializing Experience...
Initializing Experience...



මාර්සෙයිල් නගරයේ පීසා ඩිලිවරි කරපු ඩැනියෙල් කියන්නේ ස්පීඩ් එකට පිස්සු වැටුණු සුපිරි ඩ්රයිවර් කෙනෙක්. කොහොමහරි මිනිහා තමන්ගේ හීනය හැබෑ කරගෙන ටැක්සි ලයිසන් එකක් ගන්නවා. හැබැයි ඉතින් මෙයාගේ ටැක්සිය නිකන්ම නිකන් එකක් නෙවෙයි, පාරේ යනකොට රොකට් එකක් වගේ යන්න හදපු එකක්! දවසක් මිනිහා ලිමිට් එක පන්නලා පට්ට වේගෙන් ටැක්සිය පදවද්දී පොලිසියට අහුවෙනවා. හැබැයි අහුවෙන්නේ ලයිසන් එකක්වත් නැති, වාහනයක්වත් හරියට පදින්න බැරි අනාථ පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙන එමිලියන්ට.
දැන් ඩැනියෙල්ට තියෙන්නේ එකම එක චාන්ස් එකයි. එක්කෝ ලයිසන් එක නැති කරගෙන හිරේ යන්න ඕනේ, නැත්නම් මේ අනාථ පොලිස් කාරයට උදව් කරලා බැංකු කොල්ලකන ජර්මන් මැර කල්ලියක් අල්ලලා දෙන්න ඕනේ. ඉතින් මේ අමුතුම දෙන්නා එකතු වෙලා කරන පිස්සු ඩබල් ගේම පටන් ගන්නේ එතනින්. මුළු නගරයම දෙවනත් කරලා කරන මේ සුපිරි චේස් එකේදී ජර්මන් කල්ලිය කොටු කරගන්න ඩැනියෙල්ට පුළුවන් වෙයිද, නැත්නම් වැඩේ අනාගෙන ලයිසන් එකත් නැති කරගනීද?




















Be the first to comment!