CineVibes
Initializing Experience...
Initializing Experience...



තරඟයක් අතරතුර අතින් සිද්ධ වුණු ලොකු වැරදීමකින් තමන්ගේ ප්රතිවාදියා මැරෙනවා දැකපු හට්ටා ආයෙ කවදාවත් රින්ග් එකට බහින්නෙ නෑ කියලා දිවුරනවා. හැබැයි දෛවය එයාට සෙල්ලම් කරනවා මචංලා. එයාගේ පණ වගේ ඉන්න එකම නංගී දරුණු විදිහට ලෙඩ වෙනවා. නංගිව බේරගන්න නම් සතපහක්වත් නැති හට්ටාට අතිවිශාල සල්ලි කන්දරාවක් ඕන වෙනවා. මේ වෙලාවේ තමයි පාතාල කල්ලියක ලොක්කෙක් හට්ටාට අමුතුම ගේමක් සෙට් කරන්නේ.
නංගිගේ බෙහෙත් වලට සල්ලි දෙනවා වෙනුවට මේ පාතාල ලොක්කා ඉල්ලන්නේ එකම එක දෙයයි. ඒ තමයි ලේ හලන, කිසිම නීතියක් නැති පාතාලයේ අන්ඩර්ඟ්රවුන්ඩ් ෆයිට් වලට හට්ටා ආයෙත් බහින්න ඕන කියන එක. තමන්ගේ නංගිව බේරගන්න තමන් කරපු දිවුරුම කඩලා මේ මරණයේ සෙල්ලමට හට්ටාට එකතු වෙන්න වෙයිද? මේ අන්තරාදායක සෙල්ලමෙන් එයාට පණපිටින් බේරිලා එන්න පුළුවන් වෙයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.





