CineVibes
Initializing Experience...
Initializing Experience...



මුහුද මැද තමන්ගේ පුංචි පුතාගේ උපන්දිනය සතුටින් සමරමින් ඉන්න පවුලකට, ඒ සතුට වැඩි වෙලාවක් භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. එකපාරටම ඇතිවන දරුණු කුණාටුවක් නිසා ඔවුන්ගේ බෝට්ටුව මුහුද මැද අසරණ වෙනවා. ඒත් ඇත්තම භයානක දේ පටන් ගන්නේ ඊට පස්සෙයි. මුහුදේ ගැඹුරු අඳුරු පතුලේ සැඟවී හිටපු, කුසගින්නෙන් පෙළෙන අද්භූත ජීවීන් මේ කුණාටුවත් එක්ක මතුපිටට එන්න පටන් ගන්නවා.
දැන් මේ පුංචි පවුලට මුහුණ දෙන්න වෙන්නේ සාමාන්‍ය ස්වාභාවික විපතකට විතරක් නෙවෙයි. වටේම තියෙන්නේ නිමක් නොපෙනෙන මුහුද, ගැලවෙන්න තියෙන්නේ ඉතාම සීමිත අවස්ථා කිහිපයක් විතරයි. තමන්ගේ ජීවිත බේරගන්න වගේම පුංචි පුතාගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් ඔවුන්ට මරණයත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. මුහුදේ ගැඹුරින් මතු වූ ඒ බිහිසුණු තර්ජනයෙන් මේ පවුලට ගැලවෙන්න පුළුවන් වෙයිද? ජීවිතය සහ මරණය අතර සිදුවන මේ භයානක සටන අත්විඳින්න Survive (2024) දැන් CineVibes හරහා රසවිඳින්න.




















Be the first to comment!