CineVibes
Initializing Experience...
Initializing Experience...



බාලූ කියන්නේ නෝනා ප්රශාන්තියි චූටි දුව අක්ෂරා එක්ක හරිම නිදහසේ ජීවත් වුණු අහිංසක මනුස්සයෙක්. ඒත් එකපාරටම වෙන අවාසනාවන්ත අනතුරකින් මේ චූටි දුවව හොස්පිට්ල් එකේ නතර කරන්න සිද්ධ වෙනවා. දුවගේ ජීවිතේ බේරගන්න නම් ලක්ෂ 50ක සර්ජරි එකක් කරන්න ඕන කියලා දොස්තරලා කියද්දී අතේ සතේ නැතුව බාලූ හොඳටම අසරණ වෙනවා.
තමන්ගේ රත්තරන් දුව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති බාලූ, අන්තිමේදී යනවා දරුණුම මාෆියා බොස් කෙනෙක් ලඟට. එතනින් පස්සේ තමයි පිස්සු හැදෙන ගේම පටන් ගන්නේ. නොහිතපු විදිහට පාතාලේ අස්සට මැදිවෙන බාලූට තමන්ගේ ඇඟේ හයියයි මොළෙයි පාවිච්චි කරලා මේ මාරක සෙල්ලමෙන් දිනන්න සිද්ධ වෙනවා. මාරම ඇක්ෂන් පාරක් එක්ක කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක් වෙන Sugriva දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න. බාලූට මේ දරුණු පාතාලෙන් ගැලවිලා තමන්ගේ පවුල බේරගන්න පුළුවන් වෙයිද?


Be the first to comment!