CineVibes
Initializing Experience...
Initializing Experience...



හිතන්නකෝ තමන් පණ වගේ ආදරේ කරන අවුරුදු හයක පොඩි දුවව, තමන්ගේම හිටපු මහත්තයා හොරෙන්ම රටින් පන්නලා අරන් ගියොත්? 1993 අවුරුද්දේ මොරීන්ට වුණේ ඒ වගේ අදහාගන්න බැරි විපතක්. එයාගේ දුව අමීනාව හිටපු මහත්තයා කරීම් හොරෙන්ම රටින් පිටමං කරනවා. අවුරුදු ගාණක් තිස්සේ මොරීන් තමන්ගේ දුවව හොයන්න හැම දේම කළත් කිසිම පලක් වෙන්නේ නැහැ. හැම බලාපොරොත්තුවක්ම සුන් වෙලා යද්දි තමයි මොරීන්ට අමුතුම විදියේ පොරක් හම්බවෙන්නේ.
මේ පොර සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, රටවල් අතරේ පැහැරගෙන යන ළමයින්ව ආපහු බේරලා දෙන පට්ට වැඩකාරයෙක්! හැබැයි දුවව හොයලා දෙනවාට හිලව්වට මොරීන්ටත් එයාගේ භයානක වැඩකට උදව් කරන්න වෙනවා. ඉතින් තමන්ගේ දුවව ආපහු වැළඳගන්න මොරීන් මේ මාරක ගේමට සෙට් වෙයිද? මේ අම්මාට තමන්ගේ දුවව ආපහු මුණගැහෙන්න ලැබෙයිද නැත්නම් මේකෙන් මුළු ජීවිතේම විනාශ වෙලා යයිද කියලා දැනගන්න දැන්ම මේ සුපිරි ෆිල්ම් එක බලන්නම වෙනවා මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















