CineVibes
Initializing Experience...
Initializing Experience...



මුළු ලෝකෙටම තමන් කවුද කියලා අමතක වෙලා, තනියම කාලේ ගෙවන එක ලේසි නෑ මචංලා. පීටර් පාකර් දැන් පැය විසිහතරෙම කරන්නේ ස්පයිඩර් මෑන් ඇඳුම ඇඳගෙන හොරු අල්ලන එක. තමන් පණ ඇරලා ආදරේ කරපු යාළුවෝ තමන්ව අඳුරන්නෙවත් නැතුව වෙනස්ම විදිහට සතුටින් ඉන්නවා දකිද්දී පීටර්ගේ හිත ඇතුළේ ලොකු කලකිරීමක් එක්ක පට්ට අඳුරු වෙනසක් වෙන්න පටන් ගන්නවා. මේ අලුත් වෙනස් වීම පීටර්ටවත් පාලනය කරගන්න බැරි තරම් දරුණුයි.
හැබැයි පුදුම වැඩේ කියන්නේ මුළු නගරයටම වගේම පීටර් ආදරේ කරන අයටත් එල්ල වෙන අලුත්ම භයානක තර්ජනයෙන් බේරෙන්න තියෙන එකම ක්රමයත් මේ වෙනස් වීම විතරයි. ඒත් මේ පාර සටන් කරන්න වෙන්නේ ඇස්වලට පේන්නෙවත් නැති, කිසිම කෙනෙකුට අල්ලන්න බැරි අද්භූත හතුරෙක් එක්ක. මේ අඳුරු බලවේගයට මුහුණ දීලා පීටර් මුළු නගරයම බේරගනියිද, නැත්නම් එයාගේ ඇඟ ඇතුළේ හැදෙන අලුත් යක්ෂයාට පීටර්වම බිලිවෙලා යයිද? පිස්සු හැදෙන සුපිරිම ඇක්ෂන් ටිකක් බලාගන්න දැන්ම මේකට සෙට් වෙන්න.
( උපසිරැසි නිකුත් වූ සැනින් නැවත යතාවත්කාලීන කරණු ලැබේ. )
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















