CineVibes
Initializing Experience...
Initializing Experience...



ලන්ඩන් වල ඉගෙනගන්න අප්රීන් කියන කෙල්ල කරගන්න වැඩක් නිසා එයාට එක පාරටම ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ සල්ලි හොයාගන්න පාකිස්තානෙ ඉන්න තමන්ගේ සීයගෙන් උදව් ඉල්ලන්න යන අප්රීන්ට එහෙදි හම්බෙන්නේ හිතුවෙවත් නැති විදියේ වැඩක්. සීයා නැතිවෙලා, හැබැයි එයාගේ සල්ලි ටික අප්රීන්ට ඕනේ නම් එක අමුතු වැඩක් කරන්න වෙනවා. ඒ තමයි අවුරුදු විස්සක් තිස්සේ හිරවෙලා තිබුණු, රාම් කියන ඉන්දියන් හමුදා සෙබළා සීතා කියන කෙල්ලට ලියපු ආදර ලියුම එයාගේ අතටම බාරදෙන එක.
වෙන කරන්න දෙයක් නැති නිසා අප්රීන් මේ ලියුමේ අයිතිකාරිය වෙන සීතාව හොයාගෙන යන ගමනේදී එයාට එළිවෙන ආදර කතාව නම් පිස්සු හැදෙනවා මචංලා. සතුරු රටවල් දෙකක් මැද්දේ අතීතයේ මිහිදන් වුණු ඒ ලස්සන වගේම වේදනාකාරී රහස් එකින් එක එළියට එද්දී අප්රීන්ටත් කරගන්න දෙයක් නැති වෙනවා. අන්තිමේදී අප්රීන්ට මේ ලියුම සීතාට දෙන්න පුළුවන් වෙයිද? රාම්ටයි සීතාටයි ඇත්තටම මොකද වුණේ කියලා දැනගන්න CineVibes.lk එකෙන් දැන්ම මේ පට්ට ෆිල්ම් එක බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















