CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ සැමියාගෙන් වෙන හිරිහැරවලින් බේරෙන්න කියලා අම්මා කෙනෙක් එයාගේ නිවුන් පුතාලා දෙන්නත් එක්ක ගමක තියෙන පාළු ගෙදරකට පදිංචියට එනවා. හැබැයි මේ ගෙදර කියන්නේ නිකන්ම නිකන් ගෙදරක් නෙමෙයි, මාරම භයානක අතීතයක් තියෙන තැනක්. බගූල් කියන අමනුස්සයාගේ ශාපය වැටිලා තියෙන මේ ගෙදරට ආපු වෙලාවේ ඉඳන් රෑ වෙනකොට පොඩි ළමයින්ට අමුතු හොල්මන් ළමයි වගයක් පෙනෙන්න ගන්නවා.
ඒ හොල්මන් ළමයි ඇවිත් අර අහිංසක කොල්ලට පවුල් පිටින්ම ඝාතනය කරපු පිස්සු හැදෙන වීඩියෝ වගයක් පෙන්නන්න පටන් ගන්නවා. ඊටපස්සේ ඒ ළමයින්ගේ ඔළුවලට කරන්නේ මාරම විකාරයක්. මේ අහිංසක පවුලටත් අර කලින් පවුල්වලට වෙච්ච අවාසනාවන්ත දේම වෙයිද? නැත්නම් මේ යක්ෂයාගේ ග්රහණයෙන් බේරෙන්න පාරක් හොයාගනීද කියලා දැන්ම සෙට් වෙලා බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















