CineVibes
Initializing Experience...
Initializing Experience...



තමන්ගේ අතීතය අමතක කරලා ස්කොට්ලන්තයේ දුරස්ථ දූපතක හුදෙකලා ජීවිතයක් ගත කරන මේසන්ගේ ජීවිතය හදිසියේම වෙනස් වෙන්නේ දරුණු මුහුදු කුණාටුවක් අතරතුර කුඩා දැරියක් ඔහුගේ ජීවිතයට ඇතුළු වීමත් එක්කයි. මුහුදේ අනතුරකට ලක්වෙන ඇයව බේරාගන්න මේසන් ගන්න තීරණය ඔහු හිතුවටත් වඩා විශාල කරදරයක ආරම්භයක් බවට පත්වෙනවා.
ඇත්තටම මේසන් කියන්නේ සාමාන්‍ය හුදෙකලා මිනිසෙක් නෙවෙයි. අඳුරු අතීතයක් තියෙන, තමන්ගේ පැරණි ජීවිතයෙන් පලා ඇවිත් ඉන්න පුද්ගලයෙක්. මේ දැරිය බේරාගැනීමත් එක්ක ඔහුගේ පැරණි සතුරන් නැවතත් ඔහු පසුපස එන්න පටන් ගන්නවා. දැන් තමන්ගේ ජීවිතය විතරක් නෙවෙයි, අහිංසක දැරියගේ ජීවිතයත් බේරාගන්න ඔහුට සිද්ධ වෙනවා. අතීතයේ රහස් එකින් එක එළියට එද්දී, මේසන්ට මේ සියල්ලෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඔහු මෙච්චර කල් සැඟවී සිටි අතීතයම ඔහුගේ අවසානය තීරණය කරයිද? අනිවාර්යයෙන්ම මේ Jason Statham ගේ සුපිරි Action Thriller අත්දැකීම දැන්ම CineVibes.lk එකෙන් බලන්න සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















