


Shazam! Fury of the Gods
"Shazam!" කියලා කෑගහපු සැනින් සුපිරි බලවන්තයෝ වෙන බිලී බැට්සන් ඇතුළු එයාගේ සහෝදර සහෝදරියෝ සෙට් එකට මේ පාර ලේසි වෙන්නේ නැහැ මචංලා. මුළු ලෝකයම විනාශ කරලා දාන්න පුළුවන් මාරාන්තික ආයුධයක් අරගෙන ඇට්ලස්ගේ දූවරු තුන්දෙනෙක් පෘථිවියට කඩාපාත් වෙනවා. මුළු නගරයම අවුල් ජාලාවක් කරලා, හැමෝම බයෙන් වෙව්ලද්දී අපේ මේ පොඩි උන් ටිකට තමන්ගේ සුපිරි බලයන් එක්ක මේ දරුණු දෙවිවරු එක්ක හැප්පෙන්න සිද්ධ වෙනවා.
හැබැයි මේ හතුරෝ නිකන්ම නිකන් සතුරෝ නෙවෙයි, දෙවිවරුන්ගේ බලය තියෙන පට්ට භයානක කට්ටියක්. අපේ සුපිරි වීරයන්ගේ බලයන් පවා උදුරගන්න මේ අයට පුළුවන් වෙනකොට, මුළු ලෝකයම බේරගන්න බිලී ඇතුළු සෙට් එකට තමන්ගේ උපරිම ශක්තිය යොදවන්න වෙනවා. ඉතින් මේ අන්තරාදායක සටනින් අපේ සුපිරි වීරයෝ ටික ලෝකය බේරගන්න සමත් වෙයිද, නැත්නම් හැමෝටම තමන්ගේ සුපිරි බලයන් සදහටම අහිමි වෙලා යයිද?
Shazam! Collection Timeline
Top Cast
Movie Stills




















Select Quality
Subtitles
Comments (0)
Be the first to comment!















