CineVibes
Initializing Experience...
Initializing Experience...



ලන්ඩනයේ ජීවත් වන වෙට්රි කියන්නේ තමන්ගේ රැකියාව වෙනුවෙන් උපරිම කැපවීමක් කරන තරුණයෙක්. ඔහු සේවය කරන්නේ මායා අළගන් නම් දැඩි ගතිපැවතුම් ඇති, කිසිවෙකුටත් පහසුවෙන් හිස නොනමන ඉහළ පෙළේ විධායක නිලධාරිනියක් යටතේයි. දෙදෙනා අතර නිතරම ඇතිවන මත ගැටුම් නිසා රැකියා ස්ථානයත් ඔවුන්ට යුද පිටියක් වගෙයි. නමුත් දවසක් මායාගේ රැකියා වීසා බලපත්රය කල් ඉකුත් වීමත් සමඟ ඇය නොසිතූ කරදරයකට මුහුණ දෙනවා. රටින් පිටුවහල් වීමෙන් බේරීමට ඇයට අපූරු සැලැස්මක් ක්රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් තමන් සමඟ නිතරම ගැටුම් ඇති කරගන්නා වෙට්රිව තමන්ගේ අනාගත සැමියා ලෙස හඳුන්වා දෙන්න ඇය තීරණය කරනවා. මේ බොරු ආදර කතාව රඟපාන්න දෙදෙනාටම සිදුවන්නේ වෙට්රිගේ ගම්මානය වන තමිල්නාඩුවටත් යාමට සිදුවීමත් සමඟයි. එහිදී පවුලේ සාමාජිකයන් ඉදිරියේ ආදරණීය යුවළක් ලෙස රඟපාන්න ඔවුන්ට හැකි වේවිද? එකිනෙකාට නොරිස්සූ මේ දෙදෙනාගේ බොරු සම්බන්ධය කාලයත් සමඟ සැබෑ ආදරයක් බවට පත්වේවිද?
මේ අපූරු ආදර කතාවේ ඉදිරියට සිදුවන දේ දැනගන්න එකතු වෙන්න CineVibes.lk සමඟ!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



