CineVibes
Initializing Experience...
Initializing Experience...



කාලෙකට පස්සේ එකතු වෙන කැම්පස් කාලෙ යාලුවෝ ටිකක් මියාමි වල පට්ටම පිස්සුවක් නටන්න ලෑස්ති වෙනවා. මේ කෙල්ලෝ පස්දෙනා සෙට් වෙන්නේ මනාලියක් වෙන්න ඉන්න තමන්ගේ හොඳම යාලුවාගේ බැචලරෙට් පාටිය සුපිරියටම සමරන්න. හැබැයි ඉතින් බොන ඒවා, නටන ඒවා විතරක් නෙමෙයි, මේ ගොල්ලෝ පාටියට මේල් ස්ට්රිපර් කෙනෙක්වත් ගෙන්න ගන්නවා. පාටිය උපරිමයටම නැගලා යද්දී හිතන්නේවත් නැති විදියේ අකරතැබ්බයක් වෙනවා!
මෙන්න මේ අහිංසක විනෝදෙ අන්තිමට නතර වෙන්නේ අර ගෙන්නපු ස්ට්රිපර් අහම්බෙන් මැරිලා යන තැනින්. දැන් ඉතින් මුළු නගරෙම හොල්ලන්න ආපු කෙල්ලෝ ටිකට වෙන්නේ අර මළකඳ හංගන්න පිස්සු හැදෙන ගේමක් දෙන්න! පොලිසියෙන් බේරිලා, මේ මළකඳ මොකද කරන්නේ කියලා හිතාගන්න බැරුව පිස්සු කෙළින හැටි දැක්කම හිනා වෙලා පණ යනවා. බලන්නකෝ ඉතින් මේ යාලුවෝ ටිකට මේ අලකලංචියෙන් ගොඩ එන්න පුළුවන් වෙයිද නැත්නම් හැමෝටම හිරේ ලගින්න වෙයිද කියලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















