CineVibes
Initializing Experience...
Initializing Experience...



ඉස්සර බොක්සින් රින්ග් එක ගජරාමෙට හොල්ලපු චාලි කියන්නේ දැන් සම්පූර්ණයෙන්ම අනාථ වෙච්ච පොරක්. මොකද දැන් මිනිස්සු වෙනුවට රින්ග් එකේ ගහගන්නේ අඩි ගණන් උස, යකඩෙන් හදපු යක්ෂ රොබෝලා! තමන්ගේ අන්තිම රොබෝටත් කුඩු පට්ටම් වෙන්න ගුටි කන්න වුණාට පස්සේ, චාලිට සිද්ධ වෙනවා කාලෙකින් දැකපු නැති එයාගේ පුතාවත් එක්ක එකතු වෙලා අලුත් එකෙක්ව හොයාගන්න. ඔහොම ඉද්දි තමයි මුන්ට කුණු ගොඩකින් පරණ, අතහැරලා දාපු "ඇටම්" කියන පුංචි ට්‍රේනින් රොබෝව හම්බෙන්නේ.
දැක්කට වැඩක් නෑ වගේ පෙනුනට, මේ ඇටම්ට තියෙන්නේ පුදුම හයියක් වගේම මිනිස්සු කරන ඇක්ෂන් ඒ විදිහටම කොපි කරන්න පුළුවන් පට්ට හැකියාවක්. චාලියි පුතයි එකතු වෙලා මේ යකඩ බෝලෙට ආයෙත් පණ දීලා, රින්ග් එකට බස්සන්නේ මුළු රොබෝ බොක්සින් ලෝකයම හොල්ලන්න හිතාගෙනයි. හැබැයි ලෝකෙන්ම අංක එකේ ඉන්න දරුණුම රොබෝ චැම්පියන් එක්ක සටන් කරලා මේ පුංචි ඇටම්ට දිනන්න පුළුවන් වෙයිද? පිස්සු හැදෙන ඇක්ෂන් ටිකක් බලාගන්න අනිවාරෙන් දැන්ම CineVibes.lk එකෙන් සෙට් වෙන්න!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















