CineVibes
Initializing Experience...
Initializing Experience...



සෑන්ඩ්බරෝ ටවුන් එකට සෙට් වෙලා ජොලියේ හිටපු අපේ මුහුදු කොල්ලකාර පවුලට පිස්සු හැදෙන වැඩක් වෙනවා. එහා පැත්තේ ගෙදරට පදිංචියට එන්නේ වෙන කවුරුත් නෙවෙයි, නින්ජා පවුලක්! දන්නවනේ ඉතින්, මුහුදු කොල්ලකාරයෝයි නින්ජාලයි කියන්නේ කල්ප කාලෙක ඉඳන් පරම වෛරක්කාරයෝ. හෙක්ටර් කැප්ටන් මේ අලුත් අසල්වැසියන්ව පන්නගන්න පිස්සුවෙන් වගේ ගේම් ගහද්දී, එයාගේ පුතා බිලී නම් එහා ගෙදර නින්ජා කෙල්ල යුකා එක්ක පට්ට යාලුවෝ වෙනවා.
දෙගොල්ලන්ගේ මේ රණ්ඩුව කෙළවර වෙන්නේ ගමේ තියෙන වාර්ෂික තරඟාවලියෙන්. නින්ජාලා කොහොමත් පට්ට වේගවත්, කඩිසරයි. හැබැයි මුහුදු කොල්ලකාරයෝ කියන්නේ මුළු ලෝකෙන්ම ඉන්න හොඳම හොර වැඩකාරයෝ! හොර ගේම් ගහලා කොල්ලකාරයෝ දිනයිද, නැත්නම් නින්ජාලගේ ස්පීඩ් එක ඉස්සරහා මුන් පරදීද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.

















