CineVibes
Initializing Experience...
Initializing Experience...



හැම අවුරුද්දකම වික්ටෝරියා වැව ගාව තියෙන Spring Break පාටියට දහස් ගාණක් කොල්ලෝ කෙල්ලෝ එකතු වෙන්නේ පිස්සු නටලා ලොකු ආතල් එකක් ගන්න. හැබැයි මේ පාර ඒ සතුට සේරම කණපිට හැරෙන්නේ හිතපු නැති විදිහට සිද්ධ වෙන භූමිකම්පාවකින්. ඒ භූමිකම්පාවෙන් වැවේ පතුලේ හැදෙන ලොකු පිපිරුමකින්, අවුරුදු දහස් ගාණක් තිස්සේ හිරවෙලා හිටපු, මිනිස් මස් රස බලන්න බලාගෙන ඉන්න අතිශය දරුණු පිරන්හා මාළු රංචුවක් එකපාරටම නිදහස් වෙනවා.
මුළු වැවම ලේ විලක් කරගෙන, එක තත්පරයකින් ඇටකටු විතරක් ඉතිරි කරලා මිනිස්සුන්ව හපලා කන මේ යක්ෂ මාලුන්ගෙන් බේරෙන්න වැව මැද පාටි දාන අයට ලේසි වෙන්නේ නැහැ. මුළු වැවම මළකඳන්වලින් පිරෙද්දී, මේ දරුණු මාරයන්ගෙන් බේරිලා පණ බේරගන්න මුන්ට පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම මේ යක්ෂ මාලුන්ගේ බඩටම යයිද?
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















