CineVibes
Initializing Experience...
Initializing Experience...



ඇමරිකාවේ ඉන්න ඔලිවිලියාල් තමන්ගේ ආදරවන්තයා වෙන කවින් එක්ක ඉන්දියාවට එන්නේ එයා පණ වගේ ආදරේ කරන දෙමව්පියන්ට පට්ටම සතුටු ආරංචියක් දෙන්න. හැබැයි ඉන්දියාවට පය ගහපු ගමන්ම කෙල්ලට ලැබෙන්නේ පිස්සු හැදෙන ෂොක් එකක්. හැමෝම ආදර්ශයට ගත්ත, දක්ෂ සර්ජන් කෙනෙක් වෙන එයාගේ තාත්තා ගෞතම් සහ සමාජ ක්රියාකාරිනියක් වෙන අම්මා තාරා දෙන්නා දැන් එකට නෙවෙයි ඉන්නේ, දෙන්නා වෙන් වෙලා!
මේ හැමදේකටම මුල පැරිස් කැෆේ එකක ගත්ත එකම එක ෆොටෝ එකක්. අතීතයේ වළලලා දාපු පට්ටම රහසක් මේ ෆොටෝ එක නිසා ආයෙත් මතු වෙද්දී, ඔලිවිලියාල් කවින් එක්ක එකතු වෙලා මේක පිටිපස්සේ තියෙන ඇත්ත හොයන්න පටන් ගන්නවා. තමන්ගේ තාත්තා කරපු ඒ ලොකුම වැරැද්ද මොකක්ද? සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න තාරා තමන්ගේ ආදරේ දාලා යන්න තරම් සිද්ද වුණු ඒ රහස මොකක්ද? මේ කැඩිලා බිඳිලා ගිය පවුල ආයෙත් එකතු කරන්න මේ දෙන්නට පුළුවන් වෙයිද?




Be the first to comment!