CineVibes
Initializing Experience...
Initializing Experience...



Cruise ship එකක chambermaid කෙනෙක් විදියට වැඩ කරන කෙල්ලෙක් තමන්ගේ අසනීප වෙච්ච මල්ලිව බලාගන්න ඕන නිසා ජොබ් එකෙනුත් අයින් වෙලා හදිස්සියෙම ගෙදර එනවා. හැබැයි ගෙදර ආවට පස්සේ තමයි පට්ටම සීන් එක වෙන්නේ! අම්මවත් හොයාගන්න නෑ, මල්ලිගේ ලෙඩෙත් දවසින් දවස අම්බානකට වැඩි වෙනවා. වෙන කරන්න දෙයක් නැති තැන මේ අසරණ වෙච්ච අක්කයි මල්ලියි දෙන්නා කාටවත් අහු නොවී පාලුවට ගිහින් තියෙන සුපිරි condo එකකට හොරෙන්ම රිංගනවා.
හැබැයි මචංලා, මුන් දෙන්නා නවතින්න කියලා හොරෙන් රිංගපු මේ 'Penthouse 77' කියන්නේ නිකම්ම නිකන් බිල්ඩිමක් නෙවෙයි! ඒ ඇතුලේ තියෙන්නේ මුළු ඇඟම හිරිවට්ටන, පිස්සු හැදෙන අමුතුම බියකරු රහසක්. මල්ලිව බේරගන්න ගිහින් මේ අක්කට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි ලොකු භයානක කේස් එකකට. පට්ටම Thrilling අත්දැකීමක් ගන්න අනිවාරෙන්ම CineVibes.lk එකෙන් දැන්ම සෙට් වෙන්න. මුන්ට P77 ඇතුලේ තියෙන ඒ මාරක අභිරහසින් බේරිලා පණපිටින් එලියට එන්න පුළුවන් වෙයිද?












Be the first to comment!