CineVibes
Initializing Experience...
Initializing Experience...



පොඩි කාලේ ඉඳන්ම පූජා මැතිව්ගේ එකම හීනය වුණේ කොහොමහරි ආදරේ කරලා ලව් මැරේජ් එකක් කරගන්න. හැබැයි එයා හිතපු විදිහට ආදරයක් හම්බවෙන්නේ නැතුව ඉන්නකොට තමයි, දවසක් පූජාව චණ්ඩින් වගයකගෙන් බේරගන්න ගිරි කියන කොල්ලා මැදට පැනලා සුපිරි ගේමක් දෙන්නේ. එක පාරටම වීරයෙක් වගේ ඇවිත් බේරගත්ත මේ කොල්ලව දැකපු ගමන් පූජාට පිස්සු හැදෙනවා, කොහොම හරි ගිරිගේ ආදරේ දිනාගන්න ඕන කියලා එයා තීරණය කරනවා.
ඊට පස්සේ පූජා කරන්නේ ගිරී පස්සෙන් වැටිලා එයාව ඉම්ප්රෙස් කරන්න පුළුවන් හැම පිස්සු වැඩක්ම කරන එක. හැබැයි ගිරි කියන්නේ ලේසියෙන් කොක්ක දාගන්න පුළුවන් ජාතියේ ඩයල් එකක් නෙමෙයි! අවුරුදු ගාණක් තිස්සේ පූජා දාන මේ නාඩගම් අස්සේ ගිරිගේ හිත දිනාගන්න එයාට පුළුවන් වෙයිද? නැත්තම් පූජාගේ මේ එක පැත්තක ආදරේ විහිළුවක් වෙලා නතර වෙයිද? මරුම මලයාලම් ලව් ස්ටෝරියක් වෙන මේක දැන්ම CineVibes.lk එකෙන් අනිවාරෙන් බලන්න මචංලා!
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.









