CineVibes
Initializing Experience...
Initializing Experience...



කැලිෆෝනියාවේ පොඩි කාන්තාර නගරයක කෑම ෂොප් එකක උයන ඔඩ් තෝමස් කියන්නේ නිකම්ම නිකන් කොල්ලෙක් නෙමෙයි මචංලා. එයාට තියෙනවා මාරම ගූඩ බලයක්! ඒ තමයි මළගිය අයව විතරක් නෙමෙයි, ලොකු විනාශයක් වෙන්න කලින් ඒ වටේට රොක් වෙන භයානක අඳුරු බලවේග බලන්න පුළුවන්කම. දවසක් මෙයාට හමු වෙනවා හරිම මූසල අමුතු මිනිහෙක්. ඒ මිනිහා වටේට අර භයානක කළු සත්තු පිරිලා ඉන්නේ මුළු ටවුන් එකම ලේ විලක් කරන්න පුළුවන් තරමේ ලොකු විනාශයක් ලඟ ලඟම එනවා කියල අඟවමින්.
මේ අඳුරු බලවේගවලට පුළුවන් මිනිස්සුන්ගේ බය සහ වේදනාවෙන් ශක්තිමත් වෙන්න. ඔඩ්ට තියෙන්නේ හරිම අඩු වෙලාවක්. එයාගේ කෙල්ලයි ටවුන් එකේ යාළුවෝ ටිකයි බේරගන්න නම් මේ අමුතු මිනිහා පස්සෙන් ගිහින් එයාගේ ප්ලෑන් එක පරදවන්නම වෙනවා. හැබැයි මේ අඳුරු හමුදාව එක්ක තනියම ගේම ඉල්ලන එක ලේසි වෙන්නේ නෑ. ඔඩ්ට පුළුවන් වෙයිද මේ මහ විනාශය නවත්තලා ටවුන් එක බේරගන්න? පිස්සු හැදෙන සුපිරි ත්රිලර් එකක් බලන්න දැන්ම සෙට් වෙන්න.
Be the first to comment!
© 2026 CineVibes.lk. All rights reserved.



















