CineVibes
Initializing Experience...
Initializing Experience...



එමා කියන්නේ රෑ දවල් නැතුව වැඩ කරන, ආදරේ කරන්න පොඩ්ඩක්වත් වෙලාවක් නැති කාර්යබහුල ඩොක්ටර් කෙනෙක්. මෙයාගේ හොඳම යාළුවා තමයි ඇඩම්. දවසක් මේ දෙන්නා අතරේ හිතාගන්න බැරි විදිහට සීමාවන් ඉක්මවා ගිය දෙයක් සිද්ධ වෙනවා. ඊටපස්සේ එමා ඇඩම්ට පට්ට යෝජනාවක් ගේනවා. ඒ තමයි කිසිම බැඳීමක් නැතුව, ආදරේ කරන්නේ නැතුව, නිකන්ම "ෆිට් එකට" විතරක් ශාරීරිකව ලං වෙන්න. හැබැයි එකම එක රූල් එකයි, කිසිම ආදර හැඟීමක් ඇති කරගන්න බැහැ!
මුලින්ම මේ වැඩේ මාරම ජොලි වගේ තිබ්බට, ටික දවසක් යද්දී වැඩේ ගැස්සෙන්න ගන්නවා. නිකන්ම ෆන් එකට පටන් ගත්ත මේ ගේම් එක අස්සට හිතාගන්න බැරි විදිහට ආදරේ රිංගන්න ගත්තම දෙන්නටම පිස්සු හැදෙනවා. යාළුකමයි, මේ අමුතු බැඳීමයි දෙකම බේරගන්න මේ දෙන්නා දඟලන දැඟලිල්ලක් තියෙනවා අනිවාරෙන් බලන්නම ඕනේ. ඉතින් මේ සෙක්ස් ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නට අන්තිමේදී තමන්ගේ යාළුකම බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේකෙන් මුළු ජීවිතේම අවුල් වෙලා යයිද? දැම්මම සෙට් වෙලා බලන්නකෝ!




















Be the first to comment!